රෝදයක් නැතිව ආ පාකිස්තාන ගුවන් යානය


පාකිස්තානයේ කරච්චි නුවරින් ගුවන්ගත වුණු එරට ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, ලාහෝර් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට සූදානම් වෙද්දී යානයේ ඉදිරිපස රෝද දෙකෙන් එක් රෝදයක් අඩු බව නියමුවන්ට අනාවරණය විය.

කෙසේ නමුත් අනතුරක් නොවන අයුරින් යානය, කරච්චි ගුවන්තොටුපොළට ගොඩ බෑමට නියමුවන් සමත් වුණු අතර, පසුව අනාවරණය වූයේ යානයේ ඉදිරිපස රෝදය ලාහෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වෙද්දී ගැලවී යන්න ඇති බවය. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් පවත්වන බව පාකිස්තාන ගුවන් ගමන් පාලන අධිකාරිය පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)