යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.එම ගැටුමේ වීඩියෝ පටය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙමින් පවතියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී රුසියාව ගැන ප්‍රකාශ කරමින් සිදුකළ කතාවක් අතරතුරදී මෙම ගැටුම සිදුවිණි.විපක්ෂ නායක යුරි බොයිකෝ රුසියාව සමග සම්බන්ධතා පවත්වන බවත් ඔහු සිරගත කළ යුතු බවත් යුක්රේන රැඩිකල් පක්ෂයේ නායක ඔලෙහ් ල්‍යස්කෝ පවසා ඇති අතර එහිදී ඔහුට එහා අසුනේ සිටි විපක්ෂනායකවරයා ඔහුට පහර දී ඇත.
රුසියා රජයෙන් උපදෙස් ලබා ගැනීමට විපක්ෂනායකවරයා මොස්කව් බලා ගිය බව ද ඔහු මෙහිදී කීය.උපදෙස් ගත යුත්තේ රුසියාවෙන් නොව තමන්ගේ රටවැසියන්ගෙන් බවද ඔහු පැවසීය.
ආරක්ෂක අංශ වලින් මේ ගැන පරීක්ෂණ නොකිරිමට හේතුවත්,විපක්ෂනායකවරයා අත්අඩංගුවට නොගැනීමට හේතුවත් විමසූ විගස බොයිකෝ විසින් ඔහුගේ මුහුණට පහරක් එල්ල කරන ලදී.ගැටුම නිරාකරණය කිරීමට අනෙකුත් මන්ත්‍රීවරු මැදිහත් වූහ.ල්‍යස්කෝ විසින් නැවතත් එම කතාව පවත්වාගෙන යාම හේතුවෙන් දෙවැනි වතාවටත් ගැටුමක් ඇති විය.
(ඡායාරූප-රොයිටර් පුවත්)

