හයිටි දූපතේ පෝර්ට් ඔෆ් ප්‍රින්ස් නුවර බන්ධනාගාරයක් කඩා දමා එහි සිටි රැඳවියන් 174ක් පමණ පළාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බන්ධනාගාර නිලධාරීන් සතු ගිනි අවිද ඔවුන් විසින් මංකොල්ල කා ඇතැයි කියති.
බන්ධනාගාර නිලධාරීන් හා පළා යාමට උත්සාහ කළ රැඳවියන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි ද වාර්තාවේ.
එම බන්ධනාගාරයේ රැඳවියන් හට නියමවූ වෙනම හඳුනාගැනීමේ ඇඳුමක් නොමැති වීම හේතුවෙන් ඔවුන් සොයා සිදුකරන පරීක්ෂණ අසීරු වී ඇතැයි එරට ආරංචි පවසයි.
මෙහිදී සිදුවූ ගැටුම්වලින් බන්ධනාගාර ආරක්ෂක නිලධාරීයකු මිය ගිය බවද වාර්තාවේ.

