අනාගතයේ අඟහරු මත අභ්‍යාවකාශ යානා ආරක්ෂිතව ගොඩබැස්විය හැක්කේ කෙසේදැයි සොයාබැලීමට නාසා ආයතනය පසුගියදා කළ අත්හදාබැලීමක් වැරදී ගියේය.
අගහරුගේ කක්ෂයට ඇතුළත්වූ පසු යානය විසල් පැරෂූටයක් ආධාරයෙන් ග්‍රහයා මත පහත්කරවීම දැනට නාසා විද්‍යාඥයින්ගේ සැළසුම වන අතර එම පැරෂූටයට යානය ග්‍රහයා වෙත ඇදී එන වේගය හරිඅඩකින් අඩු කිරීමට හැකියාව තිඛෙන බව පැවසේ.
මෙම පැරෂූටය සවිකර තිඛෙන විශේෂ ඒකකය හැදින්වෙන්නේ අඩුඝණත්ව අතිධ්වනි මන්දකය ලෙසය.
මෙම ඒකකයේ ක්‍රියාකාරීත්වය පසුගියදා හවායි දූපත් ප්‍රදේශයේදී පැහැදිලි කරදීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් උත්සාහ කළ අතර මෙම ඒකකය පෘථීවියේ වායුගෝලයේ ඉම දක්වා ගෙනගොස් එය පහළට වැටීමට සළස්වා පසුව පැරෂූටය ක්‍රියාත්මක කරවීමෙන් එය පොළවට ඇදී එන වේගය පාලනය වන ආකාරය පෙන්වීම ඔවුන්ගේ අරමුණ විය.
ඒකකය අභ්‍යාවකාශය දක්වා යෑම තෙක් සියලූ කටයුතු නිසියාකාරව සිදුවුනි.නමුත් පහළට වැටීමේදී විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටි පරිදි පැරෂූටය ක්‍රියාත්මක වූයේ නැත.සියල්ල දැවී විනාශවී ගියේය.
තාක්ෂණික දෝශයක් මෙසේ පැරෂූටය ක්‍රියාත්මක නොවීමට හේතුව යැයි පැවසේ.
අදහස අත්හැරීමට නාසා විද්‍යාඥයින් සූදානම් නොමැති අතර බරැති උපකරණ අගහරු වෙත ගොඩබැස්වීමේදී මෙම ක්‍රමය ඛෙහෙවින් උපකාරීවනු ඇති බව ඔවුන් කියයි.
වැරදි නිවැරදි කරගෙන තවදුරටත් මෙම ඒකකය දියුණු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.


![2723CCD200000578-3017944-In_June_the_vehicle_will_be_sent_into_near_space_from_the_Navy_s-a-21_1427719788296[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2723CCD200000578-3017944-In_June_the_vehicle_will_be_sent_into_near_space_from_the_Navy_s-a-21_14277197882961.jpg)
![2723D16D00000578-3017944-image-a-25_1427719902321[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2723D16D00000578-3017944-image-a-25_14277199023211.jpg)
![2974822300000578-3115787-image-a-27_1433789682329[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2974822300000578-3115787-image-a-27_14337896823291.jpg)
