යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
ට්‍රම්ප් මෙසේ සෙලෙන්ස්කීට චෝදනා කළේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව සෞදියේ පැවැත්වුණු සාකච්ඡාවලට යුක්රේනය සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන්, සෙලෙන්ස්කී දිගින් දිගටම මැසිවිලි නැගීමත් සමඟය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී වසර තුනක් ගත වී ඇත. යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු අතර, සෙලෙන්ස්කී මැතිවරණ කිසිවක් පැවැත්වීමට උනන්දුවක් දැක්වූයේ නැත. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ එබැවිනි.
යුද්ධය අවසන් කිරීමට පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්රේනය සහභාගී කර නොගත්තැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට පවසා ඇත්තේ, බොරුවට කලබල නොවන ලෙසත්, ඇමෙරිකාව යුක්රේනය ‘හලා දමා’ නැති බවත්ය.
(එන්.ඩී.ටීවී.)