ඇමරිකාවේ උතුරු කැරොලිනා ප‍්‍රදේශයේ ප‍්‍රකට වෙරළ තීරයක් වන ඕක් අයිලන්ඩ්හි පසුගියදා පිටපිටම සිදුවූ මෝර ප‍්‍රහාරයන් දෙකක් නිසා මහත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.
එක් මෝර ප‍්‍රහාරයකට ලක්ව 16 හැවිරිදි දැරියක් තුවාළ ලැබුවාය. ඇයගේ වම් අත තිබුණේ වැලමිටෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව තිබිණි. පැයක් ගතවීමට මත්තෙන් තවත් මෝර ප‍්‍රහාරයක් එල්ල විය. එවර තුවාළ ලබා සිටියේ පිරිමි දරුවෙකි. ඔහුගේද එක් අතක් තිබුණේ දෙකට වෙන්වීය.
දෙදෙනම වහාම රෝහල් කරා ගෙනයනු ලැබුණි. ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සඳහන්ය.
ඒ සමගම ඕක් අයිලන්ඩ් වෙරළ තීරය දින නියමයක් නොමැතිව වසා දැමුණි. කෙසේ වුවත් ඇමරිකා මාධ්‍ය වාර්තා කරන ආකාරයට වෙරළ තීරය මේ වන විට නැවත වරක් විවෘත කර තිබේ.
ප‍්‍රහාර දෙකම එල්ල කර තිබෙන්නේ එකම මෝරෙකු දැයි යන්න තවමත් පැහැදිලි කරගත නොහැකිව තිබෙන්නකි. නගර බළධාරීන් පවසන ආකාරයට ඉතාම ආරක්ෂිත වෙරළ තීරයක් ලෙස නමක් දිනාගෙන සිටින ඕක් අයිලන්ඩ්හි මෙවන් මෝර ප‍්‍රහාරයක් වාර්තාවූ පළමු අවස්ථාවද මෙයයි.
දරුවන් දෙදෙන මෝර ප‍්‍රහාරයට ලක්ව තිබෙන්නේ ඉණක් තරමට ගැඹුරු දියේ බැස සිටියදී වීමද විශේෂය.
වෙරළාරක්ෂකයින් පවසන ආකාරයට වසරේ මේ කාලයට මිනිසුන් වෙරළට පැමිණෙනවා සේම මෝරුන්ද පැමිණීම බලාපොරොත්තුවිය යුත්තකි.සතුන් මරා දැමිම කළ නොහැකි නිසා වෙරළට පැමිණෙන්නවුන්ට ආරක්ෂාකාරී වන්නැයි උපදෙස් දෙනවා හැරෙන්නය අන් කළ හැකි දෙයක් තමන්ට නැතැයි ඔවුන් කියයි.
ඔක් අයිලන්ඩ් වලට නුදුරින් පිහිටි තවත් වෙරළතීරයකද මෝරුන් ගැවසෙනු හදුනාගත හැකිව ඇත.

![29A03C5F00000578-0-image-a-32_1434332371433[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29A03C5F00000578-0-image-a-32_14343323714331.jpg)
![29A03C6300000578-0-image-a-37_1434332488656[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29A03C6300000578-0-image-a-37_14343324886561.jpg)
![29A0794C00000578-3124048-image-a-2_1434335882985[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29A0794C00000578-3124048-image-a-2_14343358829851.jpg)
![29A5526C00000578-3124827-image-a-1_1434388055857[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29A5526C00000578-3124827-image-a-1_14343880558571.jpg)
![29A6015900000578-3124827-image-a-21_1434402347459[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29A6015900000578-3124827-image-a-21_14344023474591.jpg)
![29A6025700000578-3124827-image-a-27_1434402358824[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29A6025700000578-3124827-image-a-27_14344023588241.jpg)
