‘තමන්ගේ සෑම දරුවකුම ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට සූදානම්‘ යැයි උර්දු බසින් සඳහන් කළ පණිවිඩයක් ගැට ගසා පැමිණ සිටි පරවියකු ඉන්දීය දේශ සීමාවේ දී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පන්ජාබ්හි පතන්කොට් ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් පරවියා සොයාගනු ලැබූ අතර එම පණිවිඩය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලියා ඇතැයි ද කියති.
තමන් 1971 සිටි පකිස්තානුවන් නොවන බවද එහි සඳහන්වී තිබූ බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියකු කියා සිටියේය. අවසන් වරට ඉන්දියාව හා පාකිස්තානය අතර ප්‍රධාන යුද ගැටුමක් පැවතියේ 1971 වසරේ දීය. එබැවින් මෙම පණිවිඩය සුළුවෙන් සැලකිය නොහැකි බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ අතර මෙම සිදුවීමට පෙර දිනයේ එම ප්‍රදේශයෙන්ම එම පණිවිඩයම සටහන් කර එවා තිබූ බැලූන දෙකක් සොයා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබූ බවද වාර්තාවේ.




