ලෝකය පුරා දස ලක්ෂයකට වැඩි ජනතාවක් යෝග කලාල මත වැතිරී ප්‍රථම ජාත්‍යන්ත යෝග දිනය ඉරිදා සැමරූහ. 2014 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර යෝග දිනය ප්‍රකාශයට පත් කැරිණි.
අගමැති මෝදි 35,000ට වැඩි පිරිසක් සමග නව දිල්ලියේ දෙපස ගස්වලින් සෙවණ වූ මාවතක පැය භාගයකට වඩා යෝග ව්‍යායාම්වල නිරතවෙමින් මේ දිනය සැමරීම ලොව පුරා සියළු මාධ්‍යයන්ගේ අවධානයට ලක්විය. මේ සඳහා ඉන්දියාවේ සිසු සිසුවියන්, හමුදා නිලධාරීන් හා රාජ්‍ය සේවකයෝ ද එක්ව සිටියහ. එකවිට ජන සමූහයක් යෝග ව්‍යායාම්වල යෙදෙමින් ගිනස් වාර්තාවක් පිහිටුවීම ද ඔවුන්ගේ උත්සාහයක් වී තිබිණි. චීනය, තායිලන්තය, ජපානය, මැලේසියාව, එංගලන්තය ඇතුළු ලොවපුරා රටවල් 177ක් ජාත්‍යන්තර යෝග දිනය සැමරීමට එක්විය.
ඉන්දිය අගමැති වරයා කියා සිටියේ යෝග ව්‍යායාම පුරාණයේ සිට පැවතඑන සම්ප්‍රදායික ක්‍රමයක් බවයි. එමගින් සිත ඒකාග්‍ර කරමින් සිතිවිලි මනාව හසුරුවමින් සිරුර නිරෝගීව තබා ගැනීමට මහත් උපකාරයක් වේ යැයි ද ඉන්දීය අගමැතිවරයා කියා සිටියේය.


















