පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ ඉන්දීය විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ඉන්දු කාශ්මීරයේ ශ්‍රී නගර් බලා ගියේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාහුල් ගාන්ධි, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ බවය.
පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ බුද්ධි අංශය සිටිනවා යැයි ඉන්දියාව චෝදනා කරන අතර, පාකිස්තානය ඉන්දීය රජයට පවසා ඇත්තේ හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙසටය.
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුට සමාව නොදෙන බවත්, අවසානය තෙක් ඔවුන් හඹා යන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.
(ඒ.එෆ්.පී.)