මෝදි ඉලොන් මස්ක් හමුවෙයි


ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ලොව අංක එකේ බිලියනපති, ව්‍යාපාරික, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරකු මෙන්ම උපදේශකයකු ද වන ඉලොන් මස්ක් අතරේ හමුවක් පැවැත්විණි.

ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සහ ඉන්දීය සම්භවයක් ඇති ව්‍යවසායක විවේක් රාමස්වාමි ද හමුවී සුහඳ කතාබහක නියැලුණේය. මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

(එන්.ඩී.ටීවී.)