මෝදි සයිප්‍රසය බලා යයි


ජී7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැනඩාව බලා පිටත්ව ගියේය. කැනඩා සංචාරයට පෙර, අග්‍රාමාත්‍ය මෝදි සයිප්‍රසයට යෑමට නියමිතය. කැනඩා සංචාරයෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මෝදි ක්‍රෝඒෂියාව බලා යනු ඇතැයි ද පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සයිප්‍රසයට යන පළමු අවස්ථාව මෙයයි. සයිප්‍රසයට පැමිණෙන මෙන් එරට ජනාධිපති නිකොස් ක්‍රිස්ටොඩූලයිඩ්ස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කර ඇති බව ද පැවැසෙයි. සයිප්‍රසය යනු නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති දූපත් රාජ්‍යයකි.

(එන්.ඩී.ටීවී.)