එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගැනීමෙන් පසු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී වෙසක් සැමරීම සිදුකැරිණි. වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගතුයුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ හිටපු විදේශකටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසිනි.


















