මෙක්සිකෝවේ වෙරාකෘෘස් හි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ඇතිවූ පිපිරීමකින් තිදෙනකු මියගොස් 136 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙක්සිකෝවේ තෙල් සමාගමකට අයත් එම මධ්‍යස්ථානය අවට සියලු පාසල් හා ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පසුගිය වසර කිහිපයේදී ද එම ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වූ බවද කියති.
පිපිරීම සිදුවූ ස්ථානය අවට ජීවත්වන වැසියන් බොහෝ පිරිසකට ඒ අවටින් ඉවත්වන ලෙස දැනුම්දී ඇත.



