මීනීමස් කන කොටියා වෙඩි කයි


ඉන්දියාවේ උත්තර්කාන්ද් හී ජීවත් වූ මිනීමස් කන කොටියකු වෙඩිතබා ඝාතනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.එම කොටියා මිනිසුන් දෙදෙනකු මරා ඇති බවත් පස් දෙනකුට තුවාල සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

මේ සතා උත්තර්කාන්ද් හී ගොවිතැන් ආශ්‍රිතව සැරිසැරූ අතර මේ නිසා අස්වැන්න නෙළීමට පවා බොහෝ ගොවියෝ බිය වූ බව කියති.

හෙලිකොප්ටර් යානා,ඩ්‍රෝන යානා සහ තාප ඡායාරූප යොදාගනිමින් කොටියා සෙවීමේ මෙහෙයුම් දියත් විය.කොටියකු දඩයම් කිරීමට මෙවන් තාක්ෂණයක් භාවිත කළ පළමු අවස්ථාව මෙය බව බලධාරීහු කියති.

සති හයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම කොටියා සොයාගත් වනජීවී නිලධාරීහු නිර්වින්දනය කිරීමට උත්සහ ගත්හ.නමුත් ඒ උත්සහයන් අසාර්ථක වී කොටියා පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකදී ඔවුහූ වෙඩි තැබුහ.