සමෝවාවේ උපොලූ දුපතේ කඳු කුහරයක පිහිටි සුවා සමුදුරු ආගාධය ලොව පුරා සංචාරකයින්ගේ නෙත්සිත් ඇඳ බැඳ ගැනීමට සමත්ව තිබෙන ස්ථානයකි.
අඩි 98 ක් පමණ ගැඹුරු මෙම කඳු කුහරයේ පතුල පළිඟු මෙන් පැහැදිලි ජලයෙන් පිරී පවතී. එම ජලයේ ස්නානය කිරීමෙන් ගතට මහත් සුවයක් ලැබෙන බව කියැවේ.
පහළට බැසීම සදහා පසෙකින් ඉණිමඟක් සවිකර තිබෙන අතර ජලයේ සෙල්ලම් දැමීමට අකමැති සංචාරකයින්ට එම ඉණිමඟ පාදමෙහි පිහිටා තිබෙන වේදිකාවකට නැඟ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.
පැසිපික් සාගරය හා ඇළ මාර්ග කිහිපයකින්ම සම්බන්ධව ඇති බැවින් වසර පුරාවටම කුහරයේ ජලය අඩුවීමක් සිදුනොවේ.
මෙම ස්ථානය සියලූදෙනා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් යැයි සුවා සමුදුරු ආගාධය නැරඹීමට පැමිණ තිබෙන සංචාරකයින් අන්තර්ජාලයේ තිබෙන සංචාරක තොරතුරු සඳහන් වෙබ් අඩවිවල සටහන් කර තිබෙනු දැක ගත හැකිය.

![2A2AB0E800000578-0-image-a-37_1435834530322[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2AB0E800000578-0-image-a-37_143583453032211.jpg)
![2A2AB0F800000578-0-image-a-39_1435834536755[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2AB0F800000578-0-image-a-39_143583453675511.jpg)
![2A2BB1FC00000578-3147100-image-a-3_1435847624693[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2BB1FC00000578-3147100-image-a-3_143584762469311.jpg)
