භූමිකම්පාවෙන් මියගිය මියන්මාර වැසියන් ගණන මේ වනවිට 1,700 පසු කර ඇතැයි පැවසෙයි.
මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්‍රබලතම භූමිකම්පාව මෙයයි.
මියන්මාර රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර, පසුකම්පන අවදානම හේතුවෙන් තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම සිදුවන්නේ එළිමහනේය. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු ගතවුණු පැය කීපය ඇතුළත පසුකම්පන 14 ක් සිදු වී ඇතැයි වාර්තා වෙයි.
තුවාලකරුවන්ට ලේ අවශ්‍ය බවත්, ලේ දීමට ඉදිරිපත් වන ලෙසත්, මියන්මාර හමුදා රජය එරට වැසියටන්ගෙන් ඉල්ලීමක් කර ඇත.