මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන්, කුඩා දරුවන් සිවු දෙනකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරමයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පැවැසෙයි.
ගුවන් ප්‍රහාරයට එල්ලවන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර, ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ. ප්‍රහාරය එල්ලවී ඇත්තේ පසුගිය 10 වැනිදා අලුයමය.
මෙම ආරාමයේ මියන්මාර හමුදාවට එරෙහිව සටන් වදින සටන්කාමීන් නැවතී සිටි බවට චෝදනා එල්ල වී ඇත.