මැලේසියානු හිටපු අගමැති රසාක් අත්අඩංගුවට ගෙන නිදහස් කරයි


මැලේසියානු සංවර්ධන බැංකු විගණන වාර්තාවේ ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.                          

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මැලේසියානු දුෂණ කොමිසමට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් පසුව ඔහු ඇප මත නිදහස් කෙරිණි.

නොවැම්බර් 25 වැනි දා විගණකාධිපති මදීනා මොහොමඩ් මහත්මිය විසින් අවසන් විගණන වාර්තාව එළි දක්වන ලදී. 

බිලියන 4.2 ක මුදලක් ඔහුගේ බැංකු ගිණුම වෙත මාරු කිරිම සම්බන්ධයෙන් නජිබ් රසාක්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මැලේසියානු දූෂණ කොමිසමේ 23 වැනි වගන්තියට අනුව ඔහු ලබන බ්‍රහස්පතින්දා (13) අධිකරණයට කැඳවීමට නියමිතය.

(28535)