මැන්චෙස්ටර්හි පාර්සලය බෝම්බයක් නොවන බව හෙළිවෙයි


මැන්චෙස්ටර් හි හල්ම් වීදියේ තිබූ සැක සහිත පාර්සලයක් නිසා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයන් කැඳවන ලදි.

පසුව එය බෝම්බයක් නොවන බවට තහවුරු කරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ හේතුවෙන් මාර්ග කිහිපයක්ම වසා දැමුණු අතර එහි විශේෂ ආරක්ෂාවක් ද යොදවනු ලැබිණි. 
ත්‍රස්තවාදී තර්ජන තවදුරටත් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් එංගලන්ත අගමැතිනි තේරේසා මේ මහත්මිය පවසා ඇත.
පසුගිය සඳුදා මැන්චෙස්ටර් හි සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 22 ක් මියගිය අතර 64 දෙනකු තුවාල ලැබූහ.