ඉතාලියේ පියචෙන්සා නගරයේ පියෙක් සිය දෙහැවිරිදි දරුවා සිය කාරයෙන් ළදරු පාසලට රැගෙන යමින් සිටියේය.
දරුවා කාරයේ සිටියදී ඔහු කාරයේ දොරගුළු දා වැඩට ගියේය.
දහවල් 12ට දරුවාගේ ආච්චී දරුවා ගැන පාසලෙන් විමසීය.
දරුවා නොපැමිණි බව දැන්වීය.
පියාට දරුවා මතක් වූයේ ඇගේ විමසීමෙන් පසුවය.
ඔහු වහා කාරයට දිව ගියේය.
ඒ වන විට දරුවා මැරී සිටියේය.
දරුවාගේ පියා සිහිය විකල්වී රෝහල් ගත කරනු ලැබ සිටියි.

