ජපානයේ රජ පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සාමාන්‍ය ජපන් පුරවැසියෙකු හා විවාහ ගිවිස ගැනීම සඳහා සූදානම් වීම හේතුවෙන් රාජකීයත්වයෙන් ඉවත් වීමට සිදුවන බව වාර්තා වේ.
විසිපස් හැවිරිදි මාකෝ කුමරිය අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිබිරියකි. නීති ආයතනයක සේවය කරන කෙයි කොමුරෝ නැමැති සාමාන්‍ය පවුලක තරුණයෙකු සමග ඇය විවාහ ගිවිස ගැනීමට සූදානම්ව සිටියි.
ජපානයේ රාජකීය සම්ප්‍රදායට අනුව රජ පවුලේ අයකු සාමාන්‍ය පුද්ගලයකු හා විවාහ වන්නේ නම් රාජකීය තත්වයෙන් හා රජ පවුලෙන් ඉවත් විය යුතුය. මාකෝට කෙයි මුණගැසී ඇත්තේ ඔවුන් අධ්‍යාපනය ලැබූ ටොකියෝ ජාත්‍යන්තර ක්‍රිස්තියානි සරසවියේ දී ය.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)

