මියන්මාරය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවේ බලපෑම තායිලන්තයේ බැංකොක් අගනුවරට දැනෙන්න විය.
බැංකොක් අගනුවර පොලිස් රෝහලේ වෛද්‍යවරු, එම රෝහල භූමි කම්පාවෙන් දෙදරා යද්දී, රෝගීන් පිටතට ගැනීමට යුහුසුළු වූහ.
එම අවස්ථාවේ ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූදානම් වී සිටියාය.
මියන්මාරයට පමණක් නොව, තායිලන්තයට ද පසු කම්පන රැසක් දැනෙන්න වූ අතර, තායිලන්ත වෛද්‍යවරුන්ගේත්, හෙද හෙදියන්ගේත් සහාය ඇතිව රෝහල ඉදිරිපිට මාර්ගයේ දී එම ගැබිනි මව රෝහලෙන් පිටත මාර්ගයට රැගෙන ආ අතර, දරු ප්‍රසූතිය කිසිදු ගැටලුවක් නොමැතිව සිදුවිය.
මෙම සිද්ධියට අදාල දසුන් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
(එන්.ඩී.ටීවී.)