මරාගෙන මැරෙන ප්‍රහාරයකට ආ හතරක් වෙඩි කා නසිති


පකිස්තානයේ පෙෂාවර්හි මරාගෙන මැරෙන ප්‍රහාරයකට පැමිණි සිව්දෙනකු මරා දැමූ බව විදෙස් පුවත් සේවා පවසයි.

පෙෂාවර්හි ක්‍රිස්තියානි කොලනියකදී මරාගෙන මැරෙන ප්‍රහාරකයින් හා ආරක්ෂක අංශ අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එසේ සිව් දෙනකු මිය ගොස් ඇති අතර සිවිල් වැසියකුද මියගොස් ඇතැයි කියති.

වෙඩි හුවමාරුවේදී සෙබළුන් දෙදෙනකු, පොලිස් නිලධාරියකු හා ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද කියති.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි පකිස්තාන ආරංචි කියයි.