ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය නොසන්සුන් බව පැවැසෙයි. ඒ, ජනවාර්ගික කණ්ඩායමක නායකයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා හටගෙන ඇති බැවිනි.
මේ වනවිට පනගර කීපයකට ඇඳිරි නීතිය පනවා ඇතයි ද පැවැසෙයි. ඇතැම් නගරවල අන්තර් ජාල පහසුකම් පවා විසන්ධි කර ඇත.
2023 දී මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමකට අදාළව, එම නායකයන් පිරිස, මනිපූර් හි සිං මනිපූර්හි ඉම්ෆාල් ගුවන්තොටුපළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු බව ද වාර්තා වේ.
2023 වසරේ එම ප්‍රචණ්ඩකාරී සිදුවීමේ දී, 250 කට වැඩි පිරිසක් මිය ගිය අතර, දස දහස් ගණනක් අවතැන් වී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.