තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
ඉරානය, ඇමෙරිකාව සමඟ එකඟත්වයක් ඇතිකර නොගන්නේ නම්, ඉරානයට තවත් තීරු බදු පැනැවීමට පියවර ගන්නා බවට ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර ඇත.
න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය, ඇමෙරිකාව සමඟ එකඟත්වයක් ඇති කර නොගන්නේ නම්, ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී සහ ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් දිගින් දිගටම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්වා දී ඇත්තේ, ට්‍රම්ප්ගේ තර්ජනවලට තමන් සූදානම් නැති බවය.
(ඒ.එෆ්.පී.)