මංගල පෙරහරේදී මනාලයා මැරී වැටිලා


ඉන්දියාවේ මංගල පෙරහරක යමින් සිටි මනාලයකු හිටිහැටියේ මියගොස් ඇත. 

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව මරණයට හේතුව හෘදයාබාධයකි. මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂියෝපූර් දිස්ත්‍රික්කයෙනි.

ප්‍රදීප් ජැට් නමැති එම මනාලයා අශ්වයා පිට නැග මංගල පෙරහර සමඟ මමංගල උත්සවය පැවැත් වෙමින් තිබූ ශාලාව වෙත යද්දී හිටිහැටියේ සිහිසුන්ව ඇද වැටුණු බව පැවැසෙයි.

මනාලයා කඩිනමින් රෝහල්ගත කෙරුණු නමුත් ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(එන්.ඩී.ටීවී.)