බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (23) තේරී පත්විය.
මේ අනුව බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම තනතුරේ දිවුරුම් දීමට නියමිතය.
පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විම්සීමකින් ඔහු එලෙස කන්සවටිව් පක්ෂ නායකත්වයට තේරී පත්වූ අතර ඔහුට පක්ෂව ඡන්ද 92,153 ක් ලැබී තිබිණි.
බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූ වත්මන් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට්ට ලැබී තිබුණේ ඡන්ද 46,656 ක් පමණි.
ඒ.එෆ්.පී ඇසුරිනි
055


