බොරතෙල් බැරලයක මිල පහළට


ඇමෙරිකාවේ නව තීරු බදු හේතුවෙන්, බොරතෙල් බැරලයක මිල සියයට 6.68 කින් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 55.60 දක්වා පහළ වැටී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 2021 වසරට පසුව මෙසේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ වැටී ඇත්තේ වසර 4 කට පසුව බවය.

එමෙන්ම බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 60 ට වඩා පහළ වැටුණු පළමු අවස්ථාව මෙය බවද සඳහන්ය.
චීනය විසින් ඇමෙරිකන් භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙලෙස බොරතෙල් මිල සියයට 7 කින් පමණ පහළ වැටී ඇති පැවැසෙයි.