බුද්ධ ධර්මය චීනයේ ප්‍රචාරය කිරීම සඳහා භික්ෂුවකගේ ස්වරූපයේ රොබෝ යන්ත්‍රයක් හඳුන්වාදීමට චීනය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
බෙයිජින් නුවර ලෝන්ක්වාන් පන්සලේ රොබෝ භික්ෂුව සදහම් සේවයට යොදවා ඇත.
බොදුනුවන්ගේ ආකර්ශනය ලබාගෙන ඔවුන්ට හරවත් ධර්මය සිත්ගන්නාසුලු ආකාරයෙන් බෙදාදීමට මෙම නිර්මාණය සිදුකළ බව චීන තාක්ෂණ විද්‍යා සංගමය පවසයි. කෘතිම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයෝ මෙම නිර්මාණයට දායක වී සිටිති. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රොබෝ භික්ෂුව ධර්මානුශාසනා සිදු කරයි. පිරිත් සජ්ඤායනය කිරීමටද හැකියාව ඇති රොබෝ භික්ෂුවට සංවාද කිරීමේ හැකියාවද ඇති බව කියති.
සෙන්ටිමීටර් 60 ක් එනම් අඩි 2ක් පමණ උසකින් නිර්මාණය කර ඇති මෙම රොබෝ යන්ත්‍රයේ ටච් ස්ක්‍රීන් එකක්ද සවි කර ඇත. කහ පැහැ සිවුරක් දරා හිස මුඩු කර ඇති ආකාරයට රොබෝව නිමවා ඇත.





