හදිසි ගුවන්යානා අනතුරකින් හිටපු අල්කයිඩා ත‍්‍රස්ත නායක ඔසාමා බින් ලාඩෙන්ගේ කුඩම්මා සහ ඥාතිසොහොයුරියක මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් ගමන් කරමින් සිටි පෞද්ගලික ජෙට් යානය බි‍්‍රතාන්‍යයේ බ්ලැක්බුෂ් ගුවන්තොටුපළේ ගොඩ බැස්වීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. යානයේ නියමුවා නියමිත වේගය ඉක්මවා යානය ගොඩබැස්වීමට තැත් කර ඇතැයි ද අවසාන මොහොතේදී එය නිවැරදි කිරීමට යාමේදී යානය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අසළ මෝටර් රථ ගාලකට කඩා වැදී ගිනිගෙන විනාශ වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
බින් ලාඩෙන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනා හා ගුවන්නියමුවා හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ඇතැයි බ්ලැක්බුෂ් පොලිස් ආරංචි මාර්ග කියයි.
බින් ලාඩෙන් පවුල සෞදි අරාබියේ ප‍්‍රභූ ගණයට අයත් වන පවුලක් වන අතර ඔවුහු සාර්ථක ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට හිමිකම් කියති. මෙම පවුලේ ඔසාමාට සිටි සහෝදර සහෝදරියන් සංඛ්‍යාව 50 ඉක්මවන අතර එයින්ම බින් ලාඩෙන් පවුලේ විශාලත්වය සිතාගත හැකිය.
ත‍්‍රස්ත කටයුතු වල නිරත වන්නේ යැයි හෙළිවීම නිසා සෞදි අරාබිය ඔසාමාව එරටින් පිටුවහල් කර දැමූ අතර ඒ හාම බින් ලාඩෙන් පවුලේ සාමාජිකත්වයෙන්ද ඔහුව නෙරපා හැරීමට ඔහුගේ පියා කටයුතු කළේය.

![2AFF757100000578-0-image-a-195_1438703885511[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2AFF757100000578-0-image-a-195_14387038855111.jpg)
![2B04CC0F00000578-0-image-a-198_1438703950783[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B04CC0F00000578-0-image-a-198_14387039507831.jpg)
![2B005ABE00000578-0-image-a-197_1438703898181[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B005ABE00000578-0-image-a-197_14387038981811.jpg)
![2B06A1E700000578-0-image-a-193_1438703859958[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B06A1E700000578-0-image-a-193_14387038599581.jpg)
![2B06A1F200000578-0-image-a-192_1438703842511[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B06A1F200000578-0-image-a-192_14387038425111.jpg)
