ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි බාලි දිවයිනට අයත් කුඩා දූපත් දෙකක් යා කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙක් අට දෙනකු පමණ මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අනතුරින් 30 දෙනෙක් පමණ තුවාල ලදහ.
බාලි දූපතේ ගිණිකොණ දිග පිහිටි මෙම දූපත් දෙක නුසා ලෙම්බොන්ගන් සහ නුසා සෙනින්ගන් ලෙස හැඳින්වේ..
ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් එකවර පාලමෙන් ගමන් කිරීමට යාමේදී පාලම කඩා වැටී ඇත. අනතුර සිදු වූ ස්ථානයේ මුහුද එතරම් ගැඹුරු නොවූවත් තෙරපීම නිසා විශාල පිරිසක් අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.



