එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ බෞද්ධ විහාරයේ සිවුවැනි කඨිණ පිංකම මහෝත්සවය විහාරාධිපති, පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති උපාලි ගුණතිලක මහතා ඇතුළු දායක සභාව් සංවිධානයෙන් පැවැත්විණ.
බ්‍රිස්ටල් ප්‍රදේශයේ ඇති එකම ථේරවාදී හා ශ්‍රී ලංකික විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ ධම්මානන්ද හිමියන් විසිනි.
බ්‍රිස්ටල් නගරයේ පදිංචි නලින් සහ ලසිතාංගි ද මාලිග රණතුංග, කාන්චනා රණතුංග හා සම්පත් මහත්ම මහත්මීහු ප්‍රධාන දායකත්වය දැරූහ.
බර්මින්ග්හැම් ජේතවන බෞද්ධ විහාරයේ විහාරාධීපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, නොටින්ග්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමි, බර්මින්ග්හැම් ජේතවන බෞද්ධ විහාරයේ මාපලගම සෝරත හිමි, බෙරගම පියරතන හිමි, තිස්සපුර සුගතරතන හිමි ඇතුළු එංගන්තයේ ලන්ඩන්, බර්මින්ග්හැම්, නොටින්ග්හැම්, ලෙස්ටර්, ලිවර්පූල්, ඔක්ෂ්පර්ඩ් ආදි නගරවල විහාරාස්ථානවලින් ශ්‍රී ලාංකික හා තායිලන්ත භිකෂූන් වහන්සේලා දහහතර නමක් පමණ වැඩම කර සිටියහ.
ධම්මානන්ද හිමියෝ බ්‍රිස්ටල් දහම් පාසල ද තවත් නගරයන්හි දහම් පාසල් පහක් පමණ ද පවත්වති.
එංගලන්තයේ ඉපිද හැදී වැඩෙන දුදරුවන්ට ශ්‍රීලාංකික අනන්‍යතාවය හා සංස්කෘතිය උගන්වති.
දහම් පාසල් දූදරුවන් සහභාගිවූ පෙරහැරද කාගේත් සිත් ඇදගත් තවත් එක් අංගයක් විය . බ්‍රිස්ටල් ප්‍රදේශයේ ලාංකිකයන්ට අමතරව කාඩිෆ්, ස්වින්ඩන්, සවුත්හැම්ටන්, ග්ලොෂ්ටර්ෂයර් ලන්ඩන් ආදි ප්‍රදේශවල පදිංචි සුදු ජාතික බෞද්ධයෝ ද මෙම පිංකමට සහභාගී වූහ.



![w3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/w31.jpg)
![w5aa[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/w5aa1.jpg)
![x1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/x11.jpg)
![x9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/x91.jpg)
![z6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/z61.jpg)
![z7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/z71.jpg)
