(බීබීසී ඇසුරෙනි)
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිල අවසරය ලබැගැනීමට එරට අගමැති තෙරේසා මේ මහත්මිය දෙවැනි එලිසබෙත් රැජිණිය හමූ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එරට මහ මැතිවරණය ජූනි 08 වැනිදා පැවැත්වීමට නියමිත ය.
යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව එරට අගමැති තෙරේසා මේ මහත්මියගේ ගේ දේශපාලන ශක්තිය උරගා බැලීමට මෙම මැතිවරණය ඇය විසින් කැඳවනු ලැබූ බව කියැවේ.
රැජිණ හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අගමැතිනිය පැවසුවේ යුරෝපා දේශපාලනඥයින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට බලපෑම් එල්ල කරන බවයි.

