බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක්


පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇත.

තරමක බිහිසුණු ස්වරූපයක් ගත් පිහි ඔහු සතුව තිබි ඇති අතර මේ හේතුවෙන් මධ්‍යම ලන්ඩනයේ වයිට්හෝල් මාර්ගය ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය මුද්‍රා තැබීමට ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය කටයුතු කළේය.

වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේදී ප්‍රහාරකයා එල්ල කළ පිහි ප්‍රහාරවලින් පොලිස් නිලධාරියකු ද ජිවිතක්ෂයට වූ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිලි සංකීර්ණයට කඩා වැදීමට පෙර ප්‍රහාරයකයා මෝටර් රථයේ සිට වෙඩි තැබීය. එම සිදුවීමෙන් 50 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ඬේලිමේල් ඇසුරිනි - 055