බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පොලිස් හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
හෙලිකොප්ටරයට වෙඩි තබා ඇත්තේ එරට පාතාල කණ්ඩායමක් බව කියති. හෙලිකොප්ටරයේ ගමන් කළ පොලිස් නිලධාරීන් 4 දෙනකු මියගොස් ඇතැයි ද වාර්තාවේ.
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පොලිසිය කළ මෙහෙයුමකට මෙම හෙලිකොප්ටරය එක්ව සිට ඇතැයි කියති.
ගල් කැටයක් විසිවන ආකාරයෙන් හෙලිකොප්ටරය බිම වැටීමට පෙර විශාල වෙඩි හඬක් ඇසුණු බව සිද්ධිය අැසින් දුටුවෝ කියති.


