උස ගොඩනැගිල්ලක සිට බල්ලකු විසි කරන වීඩියෝවක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර එම වීඩියෝවේ සිටින බල්ලා විසි කරන පුද්ගලයන් දෙදෙනා ඉන්දියාවේ පොලිසිය අත්අංගුවට ගෙන ඇත.
ඔවුහු මදුරාසියේ පදිංචි පාසල් සිසුහු දෙදෙනෙක් වෙති.
වීඩියෝන අන්තර්ජාලට එක්වූ පසු ඔවුන්ගේ ක්‍රියාවට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන් පසු ඔවුන්ගේ පාසලේම සිසුන් පිරිසක් එම දෙදෙනා ගැන පොලිසියට දැනුම් දී තිබේ.
ඒ වන විටත් නගරයෙන් පලා ගොස් සිටි සිසුන් දෙදෙනා ඔවුන්ගේ දෙමපියන් විසින් පොලිසියට බාර කැරිණි. අත්අඩංගුවට ගැනුණු දෙදෙනා අප මත මුදා හැරිණි.
දෙදෙනා ඇප මත මුදා හැරීම ගැන සත්ව හිමිකම් ක්‍රියාකරුවෝ කෝපයට පත්ව සිටිති.
වීඩියෝ සාක්ෂි සහ එතරම් මහජන විරෝධයක් තිබියදීත් ඔවුන් දෙදෙනා දිනක්වත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීමට නොහැකි වීම ඉන්දියාවේ සත්ව සුබසාධන නිතිය කෙතරම් දුර්වල දැයි කියාපාන බව එම ක්‍රියාකරුවෝ පවසති.
ඉන්දියාවේ එවන් වරදකට දඩ මුදල රුපියල් සියයක් පමණ බව සදහන් වේ. සත්ව ක්‍රියාකාරීහූ ඔවුන් දෙදෙනාට දැඩි දඩුවම් පනවන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගනිති.

