බරින් වැඩිම අභ්‍යාවකාශයක් ඉන්දියාව ගුවන් ගත කරයි


ටොන් 640ක් බර විශාල රොකට්ටුවක් බෙංගාල බොක්කේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස ගුවන්ගත කළ බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය පවසයි. 

සඳුදා (05) පස්වරුවේ අභ්‍යාවකාශගත කර ඇති මෙම යානය  ඉන්දියාව විසින් මෙතෙක් යවන ලද බරින් වැඩිම යානය වන අතර සම්පූර්ණයෙන්ම ඉන්දියානු ඉංජිනේරුවන් විසින් නිපදවා ඇත. 

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ 2024 වර්ෂයේදී උඩුගුවනට මිනිසුන් යැවීම තම උත්සාහය බවයි. 


  
(බී බී සී පුවත් ඇසුරිණි - 085)