බංගලිදේශයේ මගී බෝට්ටුවක් පෙරැළී 18ක් මරුට


බංගලිදේශයේ බරිසාල් හි ෂන්ධ්‍යා ගඟේ බෝට්ටුවක් පෙරැළීමෙන් 18 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

දැනට ගොඩගත් මළ සිරුරු අතර ළමයින් සිව් දෙනකුගේ හා කාන්තාවකගේ සිරුරු ද ඇතියි කියති.

බෝට්ටුවේ මගීන් 60 දෙනකු පමණ ගමන් කරමින් සිටි ඇතැයිද තවත් පුද්ගලයන් 8 දෙනකු අනතුරින් පසු අතුරුදන්ව ඇතැයි ද කියති.