මියන්මාරයේ රැහැයින්හී බංගලිදේශ දේශසීමාවේ පොලිස් මුරපොළ කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් නවදෙනෙකු මියගිය බව වාර්තා වෙයි.එම මුරපොළේ තුවක්කු 50ක් ද උණ්ඩ රැසක්ද පැහැරගෙන ඇත.
රෝහිංයා නම් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සැක පළ කරයි. එම ප්‍රදේශයේ ජනවාර්ගික ගැටුම් බහුලව පවතින අතර මිලියනයක් පමණ වන රෝහිංයාවරු පුරවැසිභාවය ඉල්ලති.නමුත් රෝහිංයාවරුන් බංගලිදේශයෙන් පැමිණි බව කියමින් එම ජනතාවට පුරවැසිභාවය ලබා දීම එරට රජය ප්‍රතික්ෂේප කරයි.



