රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, ඊට විසඳුමක් සෙවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ, ඔහුගේ පරිපාලනය සූදානම් වෙයි.
ට්‍රම්ප් පවසා ඇත්තේ සෞදි අරාබියේ දී තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.
ට්‍රම්ප් සහ පුටින් අතරේ සෘජු සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් කල්පනාකාී විය යුතු බවත්, රුසියන් ජනාධිපති පුටින් විශ්වාස කළ නොහැකි නායකයකු බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රුසියන් යුක්රේන යුද්ධයට විසඳුමක් සෙවීම, ඇමෙරිකාව සහ රුසියාව පමණක් එක් වී කළ නොහැකි දෙයක් බවත්, යුරෝපා රටවල් ද අනිවාර්යයෙන් ඊට සහභාගී කරගත යුතු බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
ඊට අමතරව, යුක්රේනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තනිවම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඇමෙරිකාව, යුක්රේනයට ලබා දෙන සහාය නවත්වන්නේ නම්, රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේනය අසරණවනු ඇතැයි ද යුක්රේන ජනාධිපතිවරයා පන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)