පුටින් ගැන කලකිරිලා


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගැන තමන් කලකිරීමට පත්ව සිටියත්, ඔහු සමග සාකච්ඡා කිරීම නවත්වා නොමැති බව බීබීසී පුවත් සේවය සමග පැවති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කළේය.

පුටින් විශ්වාස කරනවා ද යැයි බීබීසී පුවත් සේවය ට්‍රම්ප්ගෙන් විමසූ විට, ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, තමන් කිසිවකු විශ්වාස නොකරන බවය.

යුක්රේනයට ආයුධ යැවීමේ සැලසුම් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු ට්‍රම්ප් දින 50ක් ඇතුළත සටන් විරාමයක් නොමැති නම් රුසියාවට දැඩි තීරුබදු පනවන බවට අනතුරු ඇඟවීම් කර ඇත.

ට්‍රම්ප් කළ මේ තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව රුසියාව පවසා ඇත.

(බීබීසී)