පිලිපීන අභ්‍යන්තර කටයුතු ඇමැති ගුවන් අනතුරින් මියයයි


දුෂණ චෝදනාවලට ලක් ව සිටි පිලිපීන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙස් රොබ්රේඩෝ ගමන් කළ, ඔහුගේ පෞද්ගලික ගුවන් යානය පෙරේදා (18) අනතුරට පත්විය. අනතුරින් රොබ්රේඩෝ සහ යානයේ සිටි නියමුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වන්නට ඇතැයි පිලිපීන රජය පවසයි. යානය කඩා වැටුණේ මස්බාතේ නමැති දුපත අසලටය.