පැරීසියේ විල්නෙව් සෙන්ට් ජේාර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකමට ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ හිමිවරු වැඩම කර සිටියහ. ජිනසේන පවුලේ සියලූ දෙනා මෙවර කඨින පූජාව භාරව කටයුතු කළහ.










