වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ පෙනී සිටිමිනි.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් මාස දෙකකට ආසන්න කාලයක් රෝගී වී, රෝහල්ගතව සිටියේය. ඒ, ස්වසන ආබාධයක් සහ පෙනහළු ආසාදනයක් හේතුවෙනි. පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදා වන අතර, ඔහු රෝහලෙන් පිටවී ගියේ මාර්තු 23 වැනිදාය.
ආරක්ෂක නිලධාරීන් සහ ආධාරකරුවන්ගේ ද සහාය ඇතිව රෝද පුටුවක ආධාරයෙන් පැමිණි පාප්තුමන්, ශාන්ත පීතර චතුරස්‍රයේ සිටි බැතිමතුන්ට අත වැනීය.
පාප්තුමන් හුස්ම ගැනීම පහසු කිරීමට ඔක්සිජන් ලබා ගනිමින් සිටින බව එතුමන් ගැන විමසිල්ලෙන් පසුවන වෛද්‍යවරු පවසති. රාත්‍රී කාලයේ දී පාප්තුමන්ට දිවා කාලයට වඩා වැඩි ඔක්සිජක් ප්‍රමාණයක් ලබා දෙන බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)