පාප්තුමා ප්‍රමාදයට සමාව ඉල්ලයි


14 වැනි ලියෝ පාප්තුමා නයිසියා කවුන්සිලයේ, 1700 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පැවැති ඓතිහාසික සමුළුවට සහභාගී වූ අතර, ඔහු සමුළුව ඇමතීමට පෙර රැස්ව සිටි ක්‍රිස්තියානි නායකයින් අමතමින් පළමුවෙන් ම කළේ සමාව ඉල්ලීමය. ඊට හේතුව පාප්තුමන් සමුළුවට පැමිණියේ සුළු ප්‍රමාදයක් සහිතව වීම නිසාය.

සුපුරුදු ආචාර විධි මඟහැර, තම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාප්තුමන් මේ අයුරින් සමාව ඉල්ලීම බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

‘අපි වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් මා කැමතියි ඔබ සැමගෙන් සමාව ඉල්ලන්න. මම මදක් ප්‍රමාද වුණා. ඒ නිසා ඒ ගැන ඉවසීමෙන් කටයුතු කරන්නැයි මා ඉල්ලා සිටිනවා. පමා පාප් ධුරයට පත්වීතවම මසක්වත් ගතවෙලා නැහැ, ඒ නිසා ඉගෙනගත යුතු දේ ගොඩක් තියෙනවා, ඒත් අද උදෑසන ඔබ සමඟ සිටීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා.” යැයි ද පාප්තුමා පැහැදිලි කළේය. 
පාප්තුමන් මේ අයුරින් සමාව ඉල්ලා සිටීම, මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

(ඒ.එෆ්.පී.)