දින 17 ක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් නොමැතිව තනිවම හුස්ම ගන්නා බවත් වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය පවසයි.
88 හැවිරිදි පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පෙනහළු ආසාදනයක් සහ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙනි. පාප්තුමන්ගේ වකුගඩු නරක් වීමේ අවදානමක් ද පෙන්නුම් කළ නමුත් එම තත්ත්වය ද පහව ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)