ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හදිසියේ රෝහල්ගත කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පාප්තුමන් පෙනහළු ආසාදන තත්ත්වයක් (බ්‍රොන්කයිටිස්) හේතුවෙන් රෝහල්ගත කළ බවත්, වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.
පාප්තුමන් තරුණ කාලයේ එතුමන්ගේ එක් පෙනහල්ලකින් කොටසක් සැත්කමකින් ඉවත් කර ඇත.
එහෙයින් මේ වනවිට එතුමන් ස්වසන අපහසුතාවකට පත්ව සිටින බව ද වාර්තා වේ. 2023 වසරේ දී ද පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙන් පාප්තුමන් රෝහල් ගත කෙරුණි.
(එන්.ඩී.ටීවී.)