නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි රෝහලකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනකු මියගොස් ඇතැයි එරට ප්‍රවෘත්ති සේවා පවසයි.
වෙඩි ප්‍රහාරකින් තුවාල ලැබූ නීතිඥවරයකු රෝහලට රැගෙන එද්දී රෝහලේ හදිසි දොරටුව අසලදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් නීතිඥවරුන්ද මාධ්‍යවේදීන් කීපදෙනකුම මියගිය අය අතර වෙතියි එරට පොලිසිය කියයි.




