පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති


නැගෙනහිර පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ ගුජරාට් නගරයේ පාසල් වෑන් රියක් පෙරේදා (24) උදෑසන හදිසියේ පුපුරා යෑමෙන් වෑන් රියේ සිටි සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෑන් රිය ගෑස් බලයෙන් ධාවනය වූවක් වූ අතර එය පුපුරා ගියේ එම ගෑස් ටැංකියේ සිදුවුණු කාන්දුවක් හේතුවෙන් යැයි පරීක්ෂණ පැවැත්වුණු පොලිස් නිලධාරීහු පවසති.
වෑන් රිය පුපුරා යද්දී වයස අවුරුදු 8 ත් 12 ත් අතර දරුදැරියන් 25 දෙනකු වෑන් රියේ සිටි බවත් සෙසු පිරිස ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවත් පැවැසෙයි.