පාකිස්තානය කනස්සල්ලෙන්


ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය කනස්සල්ල පළ කර ඇත.

ප්‍රහාරය එල්ල කළේ ‘ලක්ෂාර් ඊ තයිබා’ නමැති ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයට සහාය දක්වන ‘ටී.ආර්.එෆ්.’ නමැති ත්‍රස්ත කල්ලිය බව පැවැසෙයි. ප්‍රහාරයේ වගකීම එම ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබ ඇත.

‘ලෂ්කාර් ඊ තයිබා’ යනු පාකිස්තාන රජයේත්, එරට බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය ලබන ත්‍රස්ත සංවිධානයක් බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද පවසා ඇත. පහලගම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරය, ඉන්දියාවට එරෙහිව කළ යුද ප්‍රකාශ කිරීමක් යැයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඊට අමතරව, ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් කවුරුන්දැයි මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(එන්.ඩී.ටීවී.)